හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට පාස්කු වින්දිතයන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට ලබාදී තිබු කාලය හෙටින් (12) අවසන්වීමට නියමිතය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමෙන් අනතුරුව මෙම වන්දි මුදල් ගෙවීමට නියෝග කෙරුණි.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඔහුට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100 න් අද උදෑසන වන විටත් ගෙවා තිබුණේ රුපියල් මිලියන 15 ක් පමණි.
හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ගෙවීමට නියම වූ සමස්ත වන්දි මුදල රුපියල් මිලියන 311 ක් වන අතර ඉන් මේ වනවිට හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇත්තේ රුපියල් මිලියන 28 ක් පමණි.
වගඋත්තරකරුවන්ට වන්දි ගෙවීමට ලබාදී ඇති කාලය හෙටින් අවසන් වන පසුබිමක ඉදිරි නෛතික ක්‍රියාමාර්ග කෙසේ සිදුවේවිද යන්න නීති විශාරදයෙකුගෙන් ‘අද දෙරණ’ විමසීමක් කළේය.
මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා,
“කොටසක් ගෙවලා තියෙනවා. ඉතිරි මුදල ගෙවන්න කාලය ඉල්ලා තිබෙනවා. වින්දිතයින්ට නැවත වරක් අධිකරණයට යන්න පුළුවන්. තීන්දුව තාම ඉටුවෙලා නැහැ කියලා.”