පොළොන්නරුව – මනම්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් පළාත් මාර්ගස්ථ අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම ආණ්ඩුකාරවරයා විසින් අනතුරට පත්වූවන්ට අවශ්‍ය හදිසි ආධාර, කඩිනමින් ලබාදෙන ලෙස පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාටද දැනුම් දෙනු ලැබුවා.
කඳුරුවෙල සිට කල්මුණේ දක්වා ගමන් කළ මගී ප්‍රවාහන බස් රථය ඊයේ අනතුරට ලක්වීමෙන් 10 දෙනෙකු මියගිය අතර, තුවාල ලැබූ 41 දෙනෙකු තවදුරටත් පොළොන්නරුව මහ රෝහලේ සහ මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනවා.