දළදා මාලිගාවට ඉහළින් ඩ්‍රෝන යානාවක් යැවූ විදේශිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ජාතිකයෙකි.
ඊයේ උදෑසන එම පුද්ගලයා මෙලෙස අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම්කර ඇති දළදා මාලිගා පරිශ්‍රයට ඉහළින් ඩ්‍රෝන යානාවක් ගුවන් ගතකර ඇත.
අනතුරුව මහනුවර සංචාරක පොලිස් ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් තාක්ෂණ ඒකකය විසින් අදාළ ඩ්‍රෝන යානාව විසින් පටිගත කර තිබූ දර්ශන මකා දැමීමට පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර මහනුවර සංචාරක පොලිස් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.