කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් 10% කින් අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඊයේ (05) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකඡාවකදී එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා මේ බව පැවසීය.
ගෑස් මිල සංශෝධනය කිරීම හේතුවෙන් එහි වාසිය ජනතාවට ලබාදීමට එම තීරණය ගත් බව ද අසේල සම්පත් මහතා සඳහන් කළේය.