ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.
මෙරට වේලාවෙන් අද (01) දහවල් 12.59ට ඉන්දියන් සාගරයේ කිලෝමීටර් 1,260ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ මෙම භූ කම්පනය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පැවසීය.
රිච්ටර් මාපකයේ ඒකක 5.8ක් ලෙස සටහන්වී ඇති භූ කම්පනය මෙරට ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවද සඳහන්ය.
ඒ අනුව කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට භූ කම්පනය දැනී ඇති බව අද දෙරණ වාර්තාකරුවන් පැවසීය.
කෙසේවෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පැවසීය.