ජල නළ එලීම සිදුකළ පුද්ගලයින් කිහිප දෙනෙකුට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබෙනවා.
නළ එලීම සඳහා කාණුවක් කැපීමේදී මෙම අස්ථි කොටස් හමුවී තිබෙන්නේ මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුටයි.
එම කොටස් හමුවූ ස්ථානයේ යුද හමුදා නිළධාරීන් භාවිතා කරන කැලෑ නිල ඇදුමකට සමාන නිල ඇදුම්ක කොටස් කිහිපයක්ද හමුවී ඇති බව සඳහන්.
අදාළ පිරිස් කෝකිලායි පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානය පරීක්ෂා කොට තිබෙනවා.
මුලතිව් අධිකරණ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන් සහ කෝකිලායි පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයේ කැනීම් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.