ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂකයන් සිටින බවත් මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට ආසන්න කාලයේදී එම පක්ෂයේ අපේක්ෂකයා නම් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා ඊයේ (26) පැවසීය.
ඊළඟ ජනාධිපතිවරණය 2024 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව පැවැත්වීමට නියමිත තිබීම නිසා එයට වසරකට වැඩි කාලයක් පැවතීම හේතුවෙන් අපේක්ෂකයකු නම් කිරීමට ඉක්මන් නොවන බව කී කාරියවසම් මහතා එම අවස්ථාවේදී රටට වඩාත් අවශ්‍ය අපේක්ෂකයා කවුද කියන තීරණය ගන්නා බව ද සඳහන් කළේය.
ඒ අවස්ථාවේදී ආර්ථික නඟා සිටුවීමයි වඩා වැඳගත් වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉතා දක්ෂ අපේක්ෂකයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව සිටින බවත් එසේ නැත්නම් ඒ අවස්ථවේදී ආරක්ෂාව සහ අනිකුත් කාරණා සම්බන්ධයෙන් නම් ඒ සඳහාත් අපේක්ෂකයකු සිටින බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.