ICC ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර තරගයෙන් සුපිරි ජයග්රහණයක් ලබා ගැනීමට ලංකාව සමත් වුනා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලකුණු 325 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී දිමුත් කරුණාරත්න සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 103ක් ලබා ගත්තා, සධීර සමරවික්රම ලකුණු 82 ක්, චරිත් අසලංක ලකුණු 38 ක්, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 42 ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Mark Adair කඩුළු 4 ක් හා Barry McCarthy කඩුළු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 326 ක්.
ලකුණු 326ක ඉතා ප්රබල ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුයේ පන්දුවාර 31ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 192ක් පමණයි.
වනිඳු හසරංග කඩුළු 5ක් සහ මහීෂ් තීක්ෂණ කඩුළු 2ක් ලබා ගත්තා.
තරගයේ වීරයා දිමුත් කරුණාරත්න.
මෙම තරගය අයර්ලන්ත කණ්ඩායම පරාජය වීමත් සමග ඔවුන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ඉවත් වනවා.
මේ අතර මෙම තරගයේදී වනිඳු හසරංග වකා යුනිස් සතු වාර්තාවක් සම කිරීමට සමත් වුනා.
ඒ තරග තුනකදී පිට පිට කඩුළු 5ක් දවා ගනිමින්.