සහතික මිලට වී මිලදී ගැනීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කලේ පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගොවිමහතුන් හමුවීමෙන් පසුවයි.
මේ වනවිට වී කිලෝවක් සදහා රුපියල් 100ක සහතික මිලක් ගොවීන්ට ලබා දෙනවා යැයි රජය පැවසුවත් එය බෝඩ් එකකට පමණක් සීමාවී ඇති බව මෙහිදී ගොවිමහතුන් විසින් මන්ත්‍රීවරයාට පෙන්වා දී තිබෙනවා.
සහතික මිල ලෙස රුපියල් 100ක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, වී කිලෝවක් සදහා රුපියල් 150ක් වත් ලබා දියයුතු බවත් අවම වශයෙන් වී කිලෝවකට රුපියල් 130ක් වත් ලබා දෙනවානම් තම වියදම හෝ පියවා ගැනීමට හැකිබවත් ගොවි මහතුන් විසින් එහිදී අමාත්‍යවරයාට පවසා තිබෙනවා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි අවධියේදී වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කර සහතික මිලකට වී මිලදී ගත් බවත් සමහර නායකයින් පොහොර සහනාධාරය ලබානොදීමට කටයුතු කරද්දි සහ අවම වශයෙන් තමන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයට පවා පොහොර සහනාධාරය ඇතුල් කිරීම පවා ප්‍රතික්ෂේප කර තිබියදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රුපියල් 350කට පොහොර සහනාධාරය එතුමාගේ කාලයේදී අඛණ්ඩව ලබාදුන් බවත් මෙහිදී මතක් කල යුතුම බවයි එහිදී මන්ත්‍රී නාමල් පවසා තිබෙන්නේ.
කාබනික පොහොර සංකල්පය අසාර්ථක ව්‍යාපෘතියක් බවත් යම් තැනක වැරද්දක් සිදුවුණු බවත් දිගින් දිගටම එම වැරද්ද පිලිබදව කතා කිරීමෙන් ඵලක් නැති බවත්,දැන් කළ යුත්තේ වී ගොවීන්ගේ අස්වනු සදහා නියම සාධාරණ මිලක් ලබා දී දැනටමත් බෝඩ් වලට සීමා වී ඇති වී මිලදී ගැනීම් වහාම ආරම්භ කලයුතු බවත් නාමල් රාජපක්ෂ පවසා තිබෙනවා..
වි මිලදී ගැනීම සදහා අවශ්‍ය මුදල් වහාම නිදහස් කර වී මිලදී ගැනීම් සිදුකරන ලෙසත්,ඉදිරියේදී වී සදහා සාධාරණ සහතික මිලක් ලබාදෙන ලෙස
රජයට දැනුම් දෙන බවත් මන්ත්‍රී වරයා එහිදී ගොවීන්ට සහතික වී තිබෙනවා.