ඉදිරි සති අන්තයේ කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය පිළිබඳව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ පැවසුවේ ඒ සඳහා නිවසේ රැඳීසිටිමින් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
එම වැඩසටහනෙන් අනතුරුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සතියක් පුරා කීට පරීක්ෂාවන් සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරිය පවසනවා.