කුලියාපිටිය – කිතලව, උණලීය ප්රදේශයේ බරිගොඩ රක්ෂිතයට යාව පිහිටි නිවසක මහා පරිමාණයෙන් කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි කතක් හා තවත් සැකකරුවෙකු ගෝඩා පිරවූ බැරල 50ක්, නිෂ්පාදනය කරන කසිප්පු බෝතල් දහසක් හා පෙරුම් උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව .
එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ ජාඇල ප්රදේශයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු වූ අතර බුලත් ගොවිතැන් කිරීමට බැව් පවසමින් කුලී පදනම මත අදාළ නිවස කුලියට ගෙන භූගත අන්දමින් ගෝඩා බැරල වළදමා කසිප්පු නිෂ්පාදනය කරමින් සිටියදී පොලිසියට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර තිබූ බවයි සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ප්රකාශ අනුව ඔවුන් මහා පරිමාණයෙන් කසිප්පු නිෂ්පාදනය කර කොළඹ ආදී තදාසන්න ප්රදේශවල අළෙවිය සඳහා බෙදාහරින බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
එහිදී බැකෝ යන්ත්රයක් හා ට්රැක්ටර් රථයක් යොදාගෙන අදාළ බැරල් හා පෙරුම් උපකරණ තොගය පොලිස් ට්රක්රථයට පටවා පොලිස් ස්ථානයට රැගෙන ආ අතර අදාළ යුවල හා පෙරුම් උපකරණ හා නිෂ්පාදිත කසිප්පු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිසිය පැවසීය.