පෞද්ගලික සමාගමක අධ්යක්ෂ ධුරයක් දැරීම වළක්වමින් ගෝල්ඩන් කී සමුහ ව්‍යාපාරයේ හිටපු අධ්යක්ෂ ලලිත් කොතලාවලට අතුරු තහනම් නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ නිකුත් කළා.
එස්. ඇන්ඩ්. එල්. ප්‍රොපටි ඩිවලොප්මන්ට් සමාගමේ කොටස් අනීතිකව හා වංචනිකව පවරා ගෙන ඇති බවට සඳහන් කරමින් පැවරූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම අතුරු නියෝගය නිකුත් කර තිබුණා.
සමාගමේ කොටස් වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වමින් එම අතුරු නියෝගය නිකුත් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ වගඋත්තරකාර ලලිත් කොතලාවල විසින් සමාගමට අයත් වටිනා ඉඩමක ඔප්පුවක් අනීතිකව සකස් කර සමාගමේ කොටස් පවරා ගෙන ඇති බවයි.