ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ ඩොලර් 73 දක්වා පහත වැටුණා.
බ්‍රෙන්ට් තෙල් මිල ඩොලර් 72 ශත 99 දක්වා පහළ ගිය අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 68 ශත 24 ලෙසයි.
පසුගිය 21 වනදා බොරතෙල් මිල ඩොලර් 77 ඉක්මවා ගියා.
සැපයුම් බාධක සහ ගෝලීය වශයෙන් ඉන්ධන ඉල්ලුම පිළිබඳ පවතින මන්දගාමිත්වය මත බොරතෙල් මිල මාසයකට වැඩි කාලයක් ඩොලර් 70-80 අතර පැවතුනා.