මහනුවර – කටුගස්තොට, මාතලේ මාර්ගයේ පිහිටි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබන පෞද්ගලික පෙර පාසලක සිසුන්ට එම පෙර පාසලේ පාලිකාව සහ ගුරුවරියක පහර දුන් බවට දරුවන්ගේ දෙමාපියන් චෝදනා කරන බව .
මේ සම්බන්ධයෙන් එක් දරුවකුගේ මවක විසින් කටුගස්තොට පොලිසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පොලීසිය විසින් සිදු කරනු ලබන බවයි සඳහන්.
අප වාර්තාකරු පවසන්නේ මෙම පෙර පාසැල විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා ආරම්භ කර ඇති බවත් එයට ඇතුලත් කිරිම සඳහා ඇතුලත් විමේ ගාස්තු වශයෙන් රුපියල් 50,000 ක් සහ මාසික ගාස්තු වශයෙන් රුපියල් 25,000 ක් අය කරන බවත් එ තරම් විශාල මුදලක් අයකර ගෙනත් දරුවන්ට අමානුෂික ලෙස පහර දී හිරිහැර සිදු කිරිම තමන්ට දරා ගත නොහැකි බවත් මව්වරුන් ප්‍රකාශ කරන බවයි.