ගාලුමුවදොර දී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් පහරදී මුදල් ඉල්ලූ සිද්ධියකට අත්අඩංගුට ගත් තුන්දෙනෙකු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
ඒ ඔවුන් ඊයේ (23) කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පානදුර පදිංචිකරුවන් තුන්දෙනෙක්.
ඔවුන් විසින් බකමූණ ප්රදේශයේ පදිංචිකරුවෙකු පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 21 වනදායි.
තම පුත්රයා ගාලු මුවදොරට ගෙන්වා පැහැරගෙන ගොස් ඇති බවත් ඔහු මුදා හැරීමට රුපියල් දස ලක්ෂයක මුදලක් සැකකරුවන් ඉල්ලූ බවට ඔහුගේ පියා සිදු කළ පැමිණිල්ලක් අනුවයි ඔවුන් අත්අඩංගුවට ගැනුනේ.