සමෘද්ධි සහනාධාරය යටතේ අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී සුදුසු පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබාදී නොමැති බවට චෝදනා කරමින් ප්‍රදේශ රැසකදී ඊයේ විරෝධතා සංවිධාන කර තිබුණා.
කෙසේ වෙතත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ අසාධාරණයට ලක්වූවන් සම්බන්ධයෙන් ඉදිරියේදී සොයා බලා කටයුතු කරන බවයි.
පවුල් ලක්ෂ 20ක් සඳහා හඳුන්වා දී ඇති අස්වැසුම වැඩසටහන ලබන පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.
කෙසේ වෙතත් මාතර, රාගම, ත්‍රිකුණාමලය, බෙලිඅත්ත ආදි ප්‍රදේශ රැසක ජනතාව ඊයේ ප්‍රාදේශීය ලේකම්කාර්යාල ඉදිරිපිට විරෝධතාවක නිරතවී තිබුණේ තමන්ට මෙම සහනාධාරය අහිමිවී ඇති බවට චෝදනා කරමින්.