ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්නරුව ඉඩමක ගැබ්බර කෙණෙරකට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පොලොන්නරුව කාර්යාලයේ මහ ට්‍රැක්ටර් රියදුරෙකු සහ මුරකරුත් අපරාධය කළ තුවක්කුවත් පොලොන්නරුව වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 36ක සහ 39ක් වන පුද්ගලයින්.
පොලොන්නරුව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ප්‍රදීප් හෙට්ටිආරච්චි පැවසුවේ කෙණෙර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගිරිතලේ වනජීවී කාර්යාලයේ පශු වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකළ බවයි.