දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට පෙර මෙරට බැංකු පද්ධතියේ අක්රමික ණය අය කර ගැනීමේ කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක පවසනවා.
ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
මේ අතර රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න පැවසුවේ මහ බැංකුව පසුගිය කාලසීමාවේදී ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කළ ද එහි වාසිය මෙතෙක් මහජනතාවට ලැබී නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු කියා සිටියා.