අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ලක්ෂ 23ක පිරිසක් සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් වශයෙන් තෝරාගෙන ඇතැයි වැඩබලන මුදල් ඇමති ශෙහාන් සේමසිංහ පවසනවා.
එම සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් පත් කිරීම ඊයේ (20) මුදල් අමාත්‍යංශයේ දී සිදු කෙරුණා.
මෙම නාමලේඛනය හෙට සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම සේවා වසම් මට්ටමින් ප්‍රසිද්ධියට පත් කිරීම සිදුකරන බවත්, ඒ අනුව හෙට දින සිට දින 10ක කාලයක් විරෝධතා ඉදිරිපත් කිරීමට සහ අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළා.
ප්‍රතිලාභීන් හට රුපියල් බිලියන 208ක මුදලක් සුභසාධක ප්රතිලාභ වශයෙන් ගෙවීමට ඇස්තමේන්තු කර ඇතැයි ද, එම මුදල් ඍජුවම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීම ඉදිරි ජුලි මාසය තුළ සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා පැවසුවා.