අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිට වෙඩිතබා ගාතනය කිරීමට උත්සාහ කළ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඝාතන සිදුකළ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාව සහ ඔහුට සහාය දුන් කාත්තාවක් අවි හා හෙරොයින් සමග විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (20) කුලියාපිටිය හා කටාන පොලිස් වසම්වලදී සිදුකළ වැටලීමකදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.
වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයා ඩුබායි හි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මනික්කුගේ නුරේෂ් සුපුන් දයාරත්න නොහොත් හිනටියන මහේෂ් ගේ සමිපතමයෙකු ලෙස සැලකෙයි.
එහිදී මනුෂ්‍ය ඝාතනයන් කිරිමට තැත් කිරිම, මනුෂ්‍ය ඝාතනයන්ට ආධාර අනුබලදීම, ගිනි අවි සන්තකයේ තබාගැනීම, හෙරොයින් ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනිමේ වරදට කුලියාපිටිය පොලිස් වසමේ අංක 68, මහසෙන් මාවත, ඇඹව, කුලියාපිටිය ලිපිනයේදි වයස අවුරුදු 49 ක් වන ජයතිලක මුදියන්සේලාගේ ශ්‍රියන්ත සමන් කුමාර ජයතිලක නොහොත් “මාමා” නමැත්තාව අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පැවසීය.
ඔහු සතුව තිබී පිස්තෝල අවියක්, උණ්ඩ ගැබක්, වෙඩි උණ්ඩයක් හා හෙරොයින් ග්‍රෑම් 15.720 ක් සමග මුදලින් රුපියල් 60,000.00ක් හා ජංගම දුරකථන දෙකක් සමග සොයාගෙන තිබේ.
සැකකරු සිදුකරන ලද අපරාධ…
•2022.10.06 වනදා මිනුවන්ගොඩ පොලිස් වසමේ අංක 189/1, ගමන් ගෙදර, මිනුවන්ගොඩ ලිපිනයේ පිහිටි නිවසේදි සිදුකරන ලද ත්‍රිපුද්ගල ඝාතනය සදහා පොලිස් නිල ඇඳුමින් සැරසි පොලිස් නිලධාරියෙකු ලෙස වෙඩික්කරුවන් සමග එම නිවසට පැමිණීම.
•2023.05.26 වනදා අම්බලන්ගොඩ පොලිස් වසමේ රන්දොඹේ ප්‍රදේශයේදි අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියොජය විදුහල්පතිවරයකුට වෙඩිතබා තුවාල සිදුකිරිම.
•2023.06.17 වනදා මිනුවන්ගොඩ පොලිස් වසමේ බොරගොඩවත්ත පුජ්‍ය සුගතශිලි මාවත අසලදී පුද්ගලයන් දෙදෙනෙක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් ගොස් ටී-56 ගිනි අවියකින් වෙඩිතබා තුවාල සිදුකිරිම.
එසේම කටාන පොලිස් වසමේ අංක 17, කිඹුලාපිටිය, මීගමුව ලිපිනයේ දී මනුෂ්‍ය ඝාතන සිදුකිරිමේ අරමුණින් තුවාල සිදුකිරිමට ආධාර අනුබලදිමේ වරදට වයස අවුරුදු 72ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දී ඇත.