කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකහමාරක පමණ මුදලක් වංචා කළ කොරියානු ජාතිකයෙකු නීතියේ රැහනට හසුකරදීමට හැකිවුණි.
කොරියාවේ රැකියා සිහිනය ඉටු කරගැනීම සඳහා මෙරට තුළ තරුණයින් විශාල වශයෙන් උත්සාහ කරන්නේ ඉහළ වැටුපක් ලබාගැනීමේ අරමුණින්ය.
එවන් පසුබිමක කොට්ටාවේ සිටින කොරියානු ජාතිකයෙකු විසින් මෙරට තරුණයින් රවටා මුදල් ගරන ජවාරමක් ක්රියාත්මක කරන බවට තොරතුරු අනාවරණ වුණි.
ඔහු රුපියල් ලක්ෂ 5ක අත්තිකාරමක් පළමුව ලබාගන්නා බව වැඩිදුරටත් සිදුකළ සොයාබැලීමේදී හෙළිවුණි.
ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සම්බන්ධ කරගනිමින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය මෙහෙයුමක් ආරම්භ කළේ සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහාය.
ඒ අනුව අප සැකකාර කොරියානුවා පදිංචි කොට්ටාව ප්රදේශයේ ඔහුගේ නිවස වෙත පිවිසුණි.
එහිදී කොරියානුවාගේ භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කළ ශ්රී ලාංකිකයා කොරියාවේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් අපට කරුණු පැහැදිළි කළේය.
එම අවස්ථාවේදී සැකකාර කොරියානුවාද අදාළ ස්ථානයට පැමිණි අතර එහිදී ක්රියාත්මකවූ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගත්තේය.
ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී සැකකාර කොරියානුවා සමග විදෙස්ගතවීම සඳහා ගිවිසුම්ගත වූ මෙරට තරුණයින් රැසකගේ ලේඛන තොගයක් සොයා ගත්තේය.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, මොහු විසින් පුද්ගලයන් 51ක් පමණ රවටා මුදල් වංචා කර ඇති බවය.
ඒ අනුව ඔහු රුපියල් කෝටි දෙකහමාරක පමණ මුදලක් වංචා කර ඇති බව වාර්තා වෙයි.