ගාල්ල කොළඹ මාර්ගයේ වැරැල්ලාන ඉන්ධන හල ආසන්නයේදී ඊයේ (18) මෝටර් රථයක් අනතුරට ලක් වී මෝටර් රථයේ රියැදුරු මිය ගොස් තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදු වී තිබෙනවා.
මෙම අනතුර සිදු වී ඇත්තේ ගාල්ල දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ මෝටර් රථයේ රියැදුරුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෝටර් රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන රැහැන් කණුවක ගැටීමෙන්.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි මැටිවල, තෙල්වත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහුගේ බිරිය සහ දරුවන් දෙදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.