ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 1 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් හිරු ප්රවෘත්ති වෙත පැවසුවා.
අදාල බස් රථ ධාවනය කරවීමට පෙර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත් බස් රථයේ රියදුරු විසින් එම ප්‍රවේශපත් නිකුත් කරන බවත් එම නිලධාරියා කීය.
ලොව දියුණු රටවල් වන එංගලන්තය සහ ඩුබායි ආදි රටවල් වසර ගණනාවක සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළා.