ජංගම දුරකථනයෙන් අසභ්‍ය ඡායාරූප ගෙන වට්ස් ඇප් මාරගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික පරිපාලන නිලධාරිනියකට යැවූ එම අමාත්‍යාංශයේම රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් 15 වැනිදා වේයන්ගොඩ පොලිසිය විසින් මෙම අත්අඩංගුවට කළ බවයි වාර්තා වී ඇත්තේ.
අදාළ විශ්‍රාමික පරිපාලන නිලධාරිනිය 61 වියැති දිවුලපිටිය මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහක තැනැත්තියක්.
අත්අඩංගුවට ගත් සැකකරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියැදුරෙකු වන අතර බදුල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තිදරු පියෙක් බවයි මුලික පොලිස් විමර්ශනවලදී දී අනාවරණය වී ඇත්තේ.
පරිපාලන නිලධාරිනිය සම අමාත්‍යාංශයේ සේවයේ නිරතව සිටිය දී සැකකරු නිලධාරිනියගේ රියදුරෙකු වශයෙන් ද සේවය කර ඇති බවත්, ඇය විශ්‍රාම ගැනීමෙන් පසු ඇයගේ මුහුණු පොතේ මිතුරකු වශයෙන් සම්බන්ධ ව සිට ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
පසුව අදාළ සැකකාර රියැදුරා විශ්‍රාමික නිලධාරිනියගේ දුරකථන අංකය ලබාගෙන දිගින් දිගටම අසභ්‍ය ඡායාරූප සහ තම රහස් ප්‍රදේශ ඡායාරූප ගෙන වස්ඇප් මාර්ගයෙන් විශ්‍රාමික පරිපාලන නිලධාරිනියගේ ජංගම දුරකථනයට යවා ඇති බවත්, ඇතැම් අවස්ථාවලදී වීඩියෝ දුරකථන ඇමතුම් ලබාගෙන තම නිරුවත සජීවිව විශ්‍රාමික නිලධාරිනියට ප්‍රදර්ශනය කර ඇති බවත් විමර්ශන වලදී හෙළිවී තිබෙනවා.