ගවයින් ප්රවාහනය කළ ත්රීරෝද රථයක් නැවැත්වීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා උඩුගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ත්රීරෝද රථයකින් ගවයින් ප්රවාහනය කරන බවට යක්කලමුල්ල පොලිසියට ලද තොරතුරක් මත ගාල්ල උඩුගම මාර්ගයේ 13 කන්ද අසල මාර්ග බාධකයක් යොදා තිබෙන්නේ ඊයේ සවස ය.පොලිසියට ලද තොරතුරට අනුව මාර්ග බාධකය පසු කිරීමට පැමිණි ත්රීරෝද රථය නැවැත්වීමට උත්සාහ කිරීමේදී මෙලෙස එම ත්රීරෝද රථ රියදුරු විසින් උප පොලිස් පරීක්ෂකවරයා අනතුරට ලක් කර පලා ගොස් තිබෙනවා.
යක්කලමුල්ල පොලිසිය විසින් විමර්ශන සිදුකර ත්රිරෝද රථය සහ සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී සැකකරු සතුව තිබී අත්බෝම්බයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.