නිරුවත් වීඩියෝ දර්ශන ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට පාසල් සිසුවියකට තර්ජනය කළ මින්නේරිය යුධ හමුදා කඳවුරේ සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අදාළ සිසුවිය කටුගස්තොට පොලිසියට කරණ ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුවයි.
විමර්ශනයේ දී හෙළිව ඇත්තේ අදාළ ශිෂ්‍යාව ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා මෙම යුද හමුදා සෙබළා සමග හිතවත්කමක් ඇති කර ගෙන ඇති බවයි.
ඔහු විසින් ඇයට නිරුවත්ව වීඩියෝ ඇමතුමක් ලබා ගන්නා ලෙසට කරන ලද ඉල්ලීමක් අනුව එම සිසුවිය ඔහුට එවැනි ඇමතුමක් ලබාගෙන තිබෙනවා.
සැකකරු ඔහුගේ ජංගම දුරකථනයේ අදාළ ඇමතුම පටිගත කර ගෙන නැවත එය අදාළ සිසුවිය වෙත යොමු කර යළිත් එවැනි ඇමතුමක් ලබා ගන්නා ලෙසත්, එසේ නොකරන්නේ නම් නිරුවත් වීඩියෝ දර්ශනය සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවටයි තර්ජනය කර ඇත්තේ.
සැකකරු ඊයේ (15) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 15,000ක මුදල් ඇපයක් හා ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සදහන් කළේ.
දරුවන්ට ජංගම දුරකථන ලබාදීමේ දී සැළකිලිමත්ව කටයුතු කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙමව්පියන්ට දැනුම්දෙන්නේ.