නාවික හමුදා සෙබළුන් සමඟ සමඟ ගැටුමකට මුල පිරූ පුල්ටෝගේ කණ්ඩායම පාලනය කිරීමට එම සෙබළුන් අහසට වෙඩි තබා තිබෙන බව පුල්මුඩේ පොලීසිය පවසයි.
ඊයෙ සවස මුර සංචාරයක නිරතව සිටි නාවික හමුදා සෙබළුන් හතර දෙනෙකු ජින්නපුරම් වෙරළ තීරයේ දී තහනම් දැල් අත්අඩංගුවට ගෙන තිබේ.එම අවස්ථාවේදී එතැනට පැමිණි පුල්ටෝ නැමැත්තා ඇතුළු කණ්ඩායම නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කරගෙන අත්අඩංගුවට ගත් තහනම් දැල් බෝට්ටුවක පටවා ගෙන පලාගොස් ඇත.
පුල්ටෝ නැමැත්තා සහ ගැටුමට මුලපිරූ කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පුල්මුඩේ පොලීසිය විමර්ශන සිදුකරයි.