මේ අතර ලුණුගම්වෙහෙර – ස්ප්රිල්යාය කැලෑබඳ ප්රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි වයස අවුරුදු 49ක එම ප්රදේශයේම පදිංචි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති බවට පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
යතුරුපැදියෙන් ගමන් කළ පුද්ගලයාට වෙඩි වැදී නොමැති අතර යතුරුපැදියේ පැති කණ්ණාඩියට වෙඩි වැදීමෙන් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මුහුණු ආවරණය කරගෙන සැගව සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්රියාත්මකයි.