කළුතර බන්ධනාගාරයේ රැදවියකු වූ තම පුතුට මත්කුඩු දීමට රැගෙන පැමිණි මවක අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර විලේගොඩ ප්රදේශයේ පදිංචි කාන්තාවක බව සඳහන්.
බන්ධනාගාරයේ රදවා සීටින සැකකාරියගේ පුත්රයා බැලීම සදහා සැකකාරිය කොට කලිසමක් රැගෙන පැමිණ ඇති බවත්, බන්ධනාගාර නිළධාරින්ට සැකසිතී පරීක්ෂා කිරීමේදී මෙම මත්කුඩු සොයාගෙන තිබෙනවා.
එහි වාටියේ කඩදාසියක බහා සගවා තිබූ හෙරෝයින් මත්කුඩු ග්රෑම් පහකට අධික ප්රමාණයක් සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.