ප්‍රංශයේ පැවැත්වෙන නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවේදී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇරියුම් ලැබී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මහතා මෙරට ජනපතිවරයාට ඊට ඇරියුම් කර ඇති බවය.
එම සමුළුව ජූනි 22 සහ 23 යන දෙදින තුළ පැරිසියේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අතර ආණ්ඩුවේ පක්ස නායකයින් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (14) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.