2023 එක්දින ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරග වටයට සහභාගී වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.
පැය 20කට ආසන්න දීර්ඝ ගුවන් ගමනකින් අනතුරුව ඔවුන් අද පස්වරුවේදී සිම්බාබ්වේ දේශයට ලඟා වුණත් ක්‍රීඩකයින් වෙනුවෙන් නිසි පහසුකම් ලබා සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය හෝ ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් පියවර ගෙන තිබුණේ නැහැ.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් හෝටලයේ කාබර වෙන් කර නොතිබීම නිසා ඔවුන් හෝටලයේ ප්‍රධාන දොරටු අසල බිම වාඩි වී ගිමන් හරින ඡායාරුප ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට එක්කර තිබුණා.
පැය 3 කට ආසන්න කාලයක් හෝටලයේ බිම වාඩි වී සිටි ඔවුන්ට කාබර ලැබුණත් එක් ක්‍රීඩකයෙක් වෙනුවෙන් එක් කාබරයක් වෙන්ව තිබුණේ නැහැ.
ඒ අනුව වසර 20කට ආසන්න කාලයකට පසු ක්‍රීඩකයෙකුට තවත් ක්‍රීඩකයෙකු සමඟ හෝටල් කාබරය බෙදා ගැනීමට සිදුව ඇත්තේ.
කෙසේ වෙතත් මෙම හෝටලයේම අයර්ලන්ත කණ්ඩායම ද නැවතී සිටින අතර එම ක්‍රීඩකයින් වෙනුවෙන් එක් කාබරයක් එක් ක්‍රීඩකයෙක් වෙනුවෙන් වෙන් කර තිබීමත් කැපී පෙනෙනවා.
අයර්ලන්ත කණ්ඩායමට සහ ශ්‍රී ලංකා කණ්ඩායමට හැඳි දෙකකින් බෙදමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට කුඩම්මාගේ සැලකිල්ලක් දක්වන්නට තරග සංවිධායකින් විසින් කටයුතු කර ඇත්තේ කුමන අරමුණකින් ද ?
අදාල සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතී සිටින බුලවායෝ හෝටලයට කණ්ඩායම පැමිණීමට පෙර තවත් කණ්ඩායමක් පැමිණීම නිසා මෙම ප්‍රමාදය හේතුවී ඇති බවටයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබදව හෝටල් කළමණාකාරීත්වයට වාර්තා කිරීමෙන් පසු අදාල ගැටලුව නිවැරදි කර ගැනීමට හැකිවූ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ