තම පෙම්වතිය වූ පොලිස් කොස්තාපල්වරිය විවාහ කර ගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගෙන ඇයව රවටා වෙනත් තරුණියක් සමග විවාහ වූ පොලිස් කොස්තාපල්වරයෙකු වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වවුනියාව නෙදුන්කේණී පොලීසියේ සේවය කරමින් සිටියදී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වී කාලයක් ගත වූ පසුව පොලිස් කොස්තාපල්වරයාගේ පෞද්ගලික අවශ්යතාවයකට පොලිස් කොස්තාපල්වරියගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වූ බවයි අප වාර්තාකරු පවසන්නේ.
මුලදී එම මුදල ලබා දීමට ඇය අකැමති වූවත් ඔහු විවාහ කරගන්නේ පොලිස් කොස්තාපල්වරිය මිස වෙනත් අයෙකු නොවන බව පැවසීමෙන් පසුව ඇය රුපියල් ලක්ෂයක මුදල මෙම සැකකාර කොස්තාපල්වරයාට ලබා දී තිබෙනවා.
කාලයකට පසුව පොලිස් කොස්තාපල්වරයා වෙනත් පොලීසියකට ස්ථාන මාරුවීමක් ලබා ගෙන ගොස් ඇති අතර කාලයක්ම ඔහු ගැන තොරතුරක් නොමැති නිසා පොලිස් කොස්තාපල්වරිය ඔහු ගැන සොයන විට මෙම පුද්ගලයා ටික කාලයකට පෙර වෙනත් විවාහයක් කරගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා.
පොලිස් කොස්තාපල්වරිය මේ පිළිබදව වවුනියාව පොලිසිය පැමිණිලි කිරීමෙන් පසුව විශ්වාසය කඩ කිරීම මුදල් වංචාව හා තරුණියක් රවටා අයුතු ප්රයෝජන ගැනීම යන චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන අතර වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.