බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටී විදුහල්පතිවරයෙක් මියගොස් තිබේ.
රැදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර මාර්ගයේ දී ඊයේ (11) එම අනතුර සිදුව තිබුණි.
එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නානුඔය දෙමළ විද්‍යාලයේ විදුහල්පති කතිර්වේලු සුබ්‍රමනියම් නැමති 52 හැවිරිදි අයෙකි.
අද දින පාසල් ආරම්භයට පෙර පාසල පිරිසිදු කිරීම සඳහා සංවිධානය කර තිබු ශ්‍රමදානයක් සඳහා සහභාගී වීමට පාසලට පැමිණෙමින් සිටිය දී ඔහු එම අනතුරට මුහුණපා තිබුණි.
අනතුර සිදුවීමෙන් පසු දුම්රිය රියදුරන් එය නොදැක දුම්රිය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති අතර පසුව, දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරියෙකු සිදුවීම පිළිබඳ දැනුම්දී තිබේ.
පසුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව විදුහල්පතිවරයාගේ සිරුර නානුඔය දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් තිබුණි.
සිරුර දුම්රිය මාර්ගයෙන් ඉවත්කර ගන්නා තුරු කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රිය පැය 2 හමාරක පමණ කාලයක් ප්‍රමාද වී තිබේ.
එමෙන්ම කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය ද වටගොඩ දුම්රිය ස්ථානයේ පැය 3 හමාරක් පමණ නවතා තබා ඇත.