කොළඹ – වන් ගෝල්ෆේස් සංකීර්ණයේ පීට්සා අවන්හලක සේවකයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සුරාබදුු නිලධාරින්, ක්ෂේත්‍ර රාජකාරිවල යෙදීම අත්හිටුවීමට සුරාබදුු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දින දෙකක් තුළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී ඇත්තේ.
වන් ගෝල්ෆේස් සංකීර්ණයේ හය වන මහලේ පිහිටි පීට්සා අවන්හලකදී මෙම ගැටුම ඇති වුණේ පසුගිය 05 වනදා රාත්‍රියේයි.
සේවය අවසන් කර නිවසට යාමට සූදානම් වූ අවන්හල් සේවකයෙකු තම හෙල්මටය මේසයක් මත තබා ගොස් තිබුණා.
ඒ අතරතුර එහි පැමිණෙන සුරාබදු නිලධාරීන් පිරිසක් එම හෙල්මටය රැගෙන යාමට උත්සහ කර යළිත් එය එහි තබා ඇති බවටයි සීසීටීවී දර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.
එම අවස්ථාවේදී සුරාබදු නිලධාරීන්, අවන්හලේ කළමනාකාරවරයා සහ ප්‍රධාන සූපවේදියා සමග බහින්බස් වීමක් ඇතිකරගෙන තිබුණා.
එහිදී සුරාබදු නිලධාරීන් ප්‍රධාන සූපවේදියාට පහර දෙන ආකාරයද සීසීටීවී දර්ශනවල දැක්වෙන බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරුව තවත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක්ද එහි පැමිණ අවන්හලේ සේවකයින්ට පහර දී තිබුණා.
එහිදී ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ අවන්හලේ ප්‍රධාන සූපවේදියා සහ සුරාබදු නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
එම අවස්ථාවේ සුරාබදු නිලධාරීන් බීමත්ව සිට ඇති බවටද තොරතුරු වාර්තා වුණා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් සිදුකරන අතර සුරාබදු දෙපාර්තමේන්තුවද වෙනමම පරීක්ෂණයක් ආරම්භ කළ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී ද සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැදවන බවයි.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකළ මූලික විමර්ශනයේ වාර්තාව රාජ්‍ය අමාත්‍යවරයාට ලබා දුන් බවයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසා සිටියේ.