ශ්‍රී ලංකාවේ කීර්තිමත් මෙන්ම සුන්දර ස්වභාවික පරිසර පද්ධතියකින් සමන්විත පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජනතාවට නැරඹීම සඳහා ජූලි 1 වනදා විවෘත දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එය නම් කර ඇත්තේ ඕපන් ඩේ 2023 ලෙසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයට ආසන්නව හන්තාන කඳු පන්තියේ බටහිර බෑවුම සහ මහවැලි ගංඟාව අතර මනරම් පරිසරයකයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ.
වසර 80 කට පෙර ආරම්භ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙලෙස ජනතාවට නැරඹීම සඳහා විවෘත වන්නේ පළමු වරටයි.
එදිනට විශ්වවිද්‍යාලයේ සියළුම පීඨයන් ජනතාව වෙනුවෙන් විවෘතව තැබෙන අතර, ඒ තුළ විද්‍යා ප්‍රදර්ශනයන් සහ සංස්කෘතිකාංගයන්ද දැක බලාගැනීමට අවස්ථාව හිමිවනු ඇති.
එමෙන්ම උසස් අධ්‍යාපනය පිළිබඳ පවතින ගැටළු නිරාකරණය කරගැනීමට හැකියාව ලබාදී ඇති බව සඳහන්.