දෙහිවල ප්රදේශයේදී ඊයේ (10) පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 69ක් වූ දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිකරුවෙක්.
මෙම ඝාතනය සිදු කළ සැකකරු ප්රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.