පසුගිය වසර හතරක කාලයක් තුළ අලුතින් මිලියන 4ක ජනතාවක් දිළින්දන් බවට පත්ව ඇති බව වාර්තා වනවා.
ලර්න් ඒෂියා ආයතනය දිවයිනම නියෝජනය කරමින් සිදුකළ සමීක්ෂණයකින් මේ බව හෙළිවී තිබෙනවා.
ඒ අනුව 2023 වන විට රටේ සිටින මුළු දිළින්දන් ප්‍රමාණය මිලියන 7ක් බව එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.
අදාළ සමීක්ෂණයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන අයගෙන් සියයට 81ක් ග්‍රාමීය ජනයා වන අතර 2019 සිට සියයට 15ක අගයක පැවති ග්‍රාමීය දරිද්‍රතාවය සියයට 32 දක්වා දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර 2019 දී සියයට 6 ක මට්ටමක පැවති නාගරික දරිද්‍රතාව සියයට 18 දක්වා තුන් ගුණයකින් ද වැඩි වී ඇති අතර වතු ප්‍රජාවෙන් අඩකට වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව එම පරීක්ෂණයෙන් අනාවරනය වී තිබෙනවා.