බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාතමේන්තුව වැසිදුරටත් සඳහන් කර සිටින්නේ.