සම්මුඛ පරීක්ෂණයට යාමේදී මග වැරදුණු තරුණියක්ව අපයෝජනයට ලක් කළ තරුණයන් දෙදෙනකු වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 07 වැනිදා මෙම තරුණිය වරකාපොල පොලිස් වසමේ පෞද්ගලික ආයතනයක සම්මුඛ පරීක්ෂණයකට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.
එහෙත් ඇයට එම ආයතනය සොයාගැනීමට නොහැකිව මාර්ගය අයිනේ රැඳී සිට තිබුණා.
එම අවස්ථාවේ දී ත්රීරෝද රථයකින් පැමිණි තරුණයන් දෙදෙනකු ඇයට උදව් කරන බව පවසා ත්රීරෝද රථයට නංවාගෙන අඹේපුස්ස ප්රදේශයේ පොල් ඉඩමක මුර කුටියකට රැගෙන ගොස් ඇයව අපයෝජනය කර ඇති බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.