වතුසේවක සැමියා වැඩට ගිය පසු නිවෙසේ එල්ලී මිය ගොස් සිටි අම්මාගේ දෙපා අල්ලාගෙන අවුරුදු එකහමාරක දරුවකු දිගින් දිගටම හඬද්දී එම හඩ ඇසී පැමිණි අසල්වැසියන් මවගේ මළ සිරුර සොයා ගත් පුවතක් ගම්පොල පුපුරැස්ස ප්‍රදේශයෙන් ඊයේ (08) වාර්තා වී තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ පුපුරැස්ස ඩෙල්ලා වත්ත උතුරු කොටසේ පදිංචිව සිටි විසි දෙහැවිරිදි එක් දරු මවක්.
මෙම මව නිවෙස තුළ කිසිවකුත් නොමැති අවස්ථාවක රෙදි කැබැල්ලකින් නිවෙස තුළ එල්ලී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඇය මහ හඩින් රෝඩියෝවද දමා ඇති අතර එයින් නැගෙන ගීත කණ්ඩ පරයා කුඩා දරුවකු බොහෝ වේලාවක් කඩන අයුරු ඇසුණු අයකු ඒ පිළිබඳව සොයා බැලීමේදී මෙම කාන්තාව වහලයේ එල්ලී සිටින අයුරුත් දරුවා ඇගේ දෙපා අල්ලා ගෙන හඬන අයුරුත් දැක අවට සිටින පිරිසට ඒ බව දන්වා තිබෙනවා.
ඔවුන් පැමිණ වහාම රෙදි පටි කපා ඇය බිමට ගෙන එම වත්තේ වෛද්‍යවරියට මෙය දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
වෛද්‍යවරියට අදාළ කාන්තාව පරීක්ෂා කර බලා දන්වා ඇත්තේ ඇය මිය ගොස් ඇති බවයි.
ඒ අනුව පුපුරැස්ස පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී ඇය දරුවාට ඉංග්‍රීසියෙන් ලියූ ලියුමක් ද හමුව ඇත.
“රත්තරනේ ඔයා පරිස්සමට, මම යනවා. මීට මමා” යැයි එම ලිපියේ සඳහන්ව තිබූ බවයි වාර්තා වන්නේ.
මෙම කාන්තාවගේ සැමියා එහි වත්තේ සේවකයකු වන අතර ඔහු මෙම මරණයට හේතුව නොදන්නා බව පවසා තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගිය බවයි අප ප්‍රදේශීය වාර්තාකරු සඳහන් කළේ.