පොලිස් කොස්තාපල්වරියක විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචා කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා පදවිය පොලිසියේ රාජකාරි කරන විවාහක අයකු බවද පොලිසිය පවසයි.
පොලිස් කොස්තාපල්වරිය 2019 වසරේ නෙදුන්කේනි පොලීසියේ සේවය කරමින් සිටින කාලයේ මෙම පොලිස් කොස්තාපල්වරයා සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වා ඇය විවාහ කරගන්නා බවට පොරොන්දු වී මෙම මුදල ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකරු එම මුදල ලබාගෙන කොස්තාපල්වරිය මගහැර මුදල වංචා කළ බවට කොස්තාපල්වරිය වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකාර කොස්තාපල් අත්අඩංගුවට ගෙන ඇත.