සූරියවැව ප්රාදේශීය සභාවේ ලේකම්වරයාව අද (07) අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කොරෝනා සමයේ පොළ බදු ලෙස අයකර තිබූ රුපියල් ලක්ෂ 24කට වැඩි මුදලකට අදාළ චෙක්පත නිකුත් කිරීමට අල්ලසක් ලබාගැනීමේදීය.
අප වාර්තාකරු පැවසුවේ අදාළ ලේකම්වරයා රුපියල් 50,000ක අල්ලස් මුදල ලබාගන්නා විට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවය.
සැකකරු අද හම්බන්තොට මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.