මදුරන්කුලිය ප්රදේශයේ ඉඩමක නිදන් හෑරීමේ චෝදනාව මත එම ඉඩමේ හිමිකරු මදුරන්කුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම ඉඩමේ ඇති නිවසක හිමිකරු විසින් කාන්තාවක් හා දැරියක්ද රඳවාගෙන සිටි බවටයි.
ඔවුන්ගේ බවට සැක කෙරෙන ඇඳුම් කිහිපයක් නිදන් හෑරූ බව කියන ස්ථානයේ තිබී සොයාගෙන ඇති අතර දැරිය හා කාන්තාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙවැනි පසුබිමක ගම්වාසීන් හා ඉඩමේ මුරකරු අතර විවාදාත්මක තත්වයක්ද හටගත්තා.