මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
රටේ ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර ශ්‍රේණි ගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීමේ හැකියාව කෙරෙහි එය ඍජුවම බලපාන බවයි ඔහුඉ සඳහන් කර සිටින්නේ.
පසුගිය (03) නුවරඑළියේදී ජාතික නීතීඥ සමුළුව අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ මේ සඳහා පවතින නීති රාමුවේ හිඩැස් හඳුනාගැනීම වැදගත් බවයි.
එසේ නොමැතිවුවහොත් ශ්‍රී ලංකාව නැවත වරක් උපාය මාර්ගික ඌනතා සහිත රටක් ලෙස ලැයිස්තුගතවීමේ අවදානමක් ද පවතින බවයි සඳහන් කර සිටින්නේ.
ඒ අනුව ජාතික ප්‍රතිපත්තියක් අනුව රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා.