මදුරු මර්දන සහයකයන් ලෙස නිවසකට වෙස්වලා ගෙන පැමිණ පුද්ගලයන් තිදෙනෙකු එහි සිටි 73 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ අත් පා බැඳ දමා රන් භාණ්ඩ කොල්ලකා පලායෑමේ පුවතක් කැස්බෑව – බටුවන්දර ප්රදේශයෙන් වාර්තා වනවා.
කොල්ලකරුවන් විසින් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා රන්භාණ්ඩ සහ ජංගම දුරකථනයක් මෙලෙස කොල්ල කා පලාගොස් ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.
හොඳින් හැඳ පැළඳ අත ෆයිල් කවර සහ ලිපිලේඛන අතැතිව පැමිණ තිබූ මෙම කොල්ල කරුවන් තිදෙනා අසල්වාසීන්ට කිසිදු සැකයක් ඇති නොවන පරිදි තවත් නිවාස කිහිපයකට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.