යූරියා පොහොර මිටියක් උපරිම සිල්ලර මිලට වඩා වැඩිමිලට අලෙවිකරන වෙළදුන් සහ බෙදාහරින්නන් සොයා වෙළඳපළේ විශේෂ වැටලීමක් ආරම්භ කර තිබෙනවා.
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දුගේ උපදෙස් මතයි මෙම වැටලීම් ආරම්භ කර ඇත්තේ.
යළ කන්නයේ යූරියා පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් අසූදහසක් වන අතර ඉන් විසිදහසක ප්‍රමාණයක් මේ වන විට ගොවීන් වෙත බෙදාහැර අවසන් කර තිබෙනවා.