ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමත් සමඟ ලාෆ් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවේ ද යන්න සම්බන්ධයෙන් විධායක මණ්ඩලය අද (05) පස්වරුවේ රැස්වී සාකච්ඡා කරන බව එම සමාගම ප්රකාශ කළා.
කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (05) සිට රුපියල් 452කින් අඩු වන අතර ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3,186ක් ලෙසයි.
එමෙන්ම කිලෝග්රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් අඩු වන අතර එහි නව මිල රුපියල් 1,281ක්.
කිලෝග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 83කින් අඩු කර රුපියල් 598කට අලෙවි වෙනවා.
මේ අතර ගෑස් මිල අඩු කළ ද බේකරි නිෂ්පාදනවල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන ප්රකාශ කළා.