කඳාන – වැලිගම්පිටිය ප්රදේශයේ නිවසක තනිව ජීවත් වූ පුද්ගලයෙකු දෙඅත් ගැට ගසා මුඛය ආවරණය වන පරිදි රෙදි කඩකින් බැඳ ඝාතනය කර තිබෙනවා.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 84 ක් වූ වැලිගම්පිටිය, ජාඇල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ පුද්ගලයාගේ දියණිය නිවසට පැමිණි අවස්ථාවේ ගේට්ටුව සහ නිවස අඟුළු දමා වසා තිබිම හේතුවෙන් ඇයට සැක පළ වී ඇති අතර එම නිසා ඇය වැඩිදුරටත් සොයා බැලීමක් සිදු කර තිබෙනවා.
එහිදී අදාළ පුද්ගලයාගේ මළසිරුර සොයා ගත් බවයි වාර්තා වී ඇත්තේ.
මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදු කර ඇති බවයි.