මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් තමා ඉවත් කිරීම මහජනතාවට අත් වූ පරාජයක් බව හිටපු සභාපති ජනක රත්නායක පවනවා.
ඔහු ධුරයෙන් ඉවත් කිරීමට අදාළව පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 46කින් සම්මත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු සභාපතිවරයා මේ බව පවසා තිබෙනවා.
එමෙන් ම මෙම පරාජය තමන්ගේ පරාහයක් නොවන බවත් එය සමස්ත ජනතාවටම අත්වූ පරාජයක් බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.
තවද මෙම ඉවත් කිරීම පිළිබඳ තමාට කිසිදු ගැටලුවක් නොමැති බවඳ තමන්ගේ මේස, පුටු ආදිය රැගෙන යන බවද එමෙන් ම අනාගතයේ දී අනිවාර් යයෙන්ම තමන් ජනාධිපතිවරණයට ඉල්ලුම් කරන බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියා.