ශ්‍රී ලංකන් ගුවන් යානයක් පමා වීම හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා බලාපොරොත්තු වූ ශ්‍රමිකයින් 48 දෙනෙකුගේ රැකියා සිහිනය බොඳ වී ඇතැයි පළ වී තිබෙන වාර්තාව සත්‍යයෙන් තොර බව වාර්තා වී තිබෙනවා.
මෙම ශ්‍රමිකයින් පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය මැයි 23 වෙනි දින රාත්‍රී 8.00 ට කොළඹ සිට කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කළේ ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය නියමිත වෙලාවට ගුවන්ගත කළ නොහැකි වූ නමුත් යානය මැයි 24 වෙනි දින උදෑසන 6.00 ට ගුවන් ගත කළ බවයි.
කොරියාව බලා පිටත් වීමට සූදානමින් සිටි ශ්‍රමිකයින් පිරිසගේ කටයුතු කොරියාවේදී කළමණාකරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රමිකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.ජී.ජී. එස් යාපා සඳහන් කළේ මෙම ශ්‍රමිකයින් ලබන ජුනි මස 04 වෙනි දින නැවත පිටත් කරන මෙන් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවයි.